ඔබේ ළදරුවාගේ ඇඳුම් පැළදුම් පිරිසිදු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ මේ නිසයි

By: - 2019 ජනවාරි 18
baby


අම්මාගේ කුස තුළ බොහොම පරිස්සමට හිටපු පුංචි පැටියා මේ ලෝකෙට කැන්දන් ආවම එයාට අවශ්‍ය උපරිම රැකවරණය සලසන්න තමයි හැම අම්මෙක් තාත්තෙක්ගේම ලොකුම සතුට. අම්මලා තාත්තලා වුණත් අපි නොදන්නා වගේම එතරම් දුරට සැලකිලිමත් නොවෙන පැති නම් ඕනේ තරම් ඇති. අලුත උපන් පුංචි පැටියාගේ ඇදුම් පිරිසිදු කිරීමේදීත් මෙන්න මේ වගේ අතපසුවීම් වෙන්න බැරි නැහැ.

පුංචි දරුවෙක්ගේ ඇඳුම් පිරිසිදු කිරීම වැඩිහිටි අපේ ඇඳුම් පිරිසිදු කිරීම තරම් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. මොකද පුංචි දරුවෙක්ගේ ඇඳුම් පිරිසිදු කරද්දී අපි ඕනෙවටත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද පිරිසිදු බව උපරිමයෙන් පවත්වා නොගත්තොත් දරුවාට එක් එක් ගැටලුවලට මුහුණ දීමට සිදුවෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා.

අලුත උපන් කිරි කැටියන්ගේ ඇඳුම් පිරිසිදු කරන්න පෙර අපි සැලකිලිමත් වෙන්න ඕනේ දරුවන්ගේ මලපහ මුත්‍රා තැවරුණු ඇඳුම් වෙන් කරන්න. දරුවාගෙන් ඉවත් කරද්දීම මේ අපවිත්‍ර වූ ආකාරය අනුව වෙන් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි මලපහ තැවරුණු ඇඳුම්වල පළමුවෙන්ම මලපහ ඉවත් කිරීම කළ යුතුයි. ඒ වගේම මුත්‍රා තැවරුණු ඇඳුම් සහ මේ මලපහ ඉවත් කළ ඇඳුම් පළමුවෙන්ම පිරිසිදු වතුරෙන් එක් වරක් සෝදා හරින්න ඔබට පුළුවන්. ළදරු ඇඳුම් පමණක් නොව දරු පැටියාගේ ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා ඇතුළු සියල්ල පිරිසිදු කළ යුත්තේ මෙන්න මේ විදියට. ඒ වගේම ළදරු රෙදි සමග වැඩිහිටියන්ගේ හෝ වෙනත් දරුවන්ගේ රෙදි එකට දමා සේදීම කිසිදු විටෙක නොකළ යුත්තක්. මේ කටයුතුවලට පසුව තමයි සේදුම්කාරක වර්ගයක් යොදා මේ ළදරු ඇඳුම් පිරිසිදු කරගත යුතු වන්නේ.

කිරි කැටියාගේ ඇඳුම් පිරිසිදු කරන්න සුදුසු සේදුම්කාරකයක් තෝරාගැනීම ඔබටත් ගැටලුවක්ද?

කිරිකැටියෙකුගේ මුදු මොළොක් සුමුදු සම සුරැකීමේ වගකීම පැවරෙන්නේ මව්පියන් වන ඔබට නිසාම ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමට යොදා ගන්නා සේදුම්කාරක පිළිබඳව ඔබව දැනුවත් විය යුතුමයි. වෙළඳපොළේ මේ වන විට සේදුම්කාරක කුඩු මෙන්ම දියර වර්ගද මිලදී ගැනීමට ඇති අතර සැමවිටම ඔබේ කැමැත්ත මත තත්ත්වයෙන් උසස් විශ්වසනීය නාමයක් යටතේ එන සේදුම්කාරක වර්ගයක් තෝරාගැනීමට සැළකිලිමත් වන්න.

ඔබ ඔබේ දරුවාගේ ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමට යොදා ගන්නා සේදුම්කාරකය,
  • සිඟිති සම මත නොයෙක් අපහසුතා ඇති කරවිය හැකි බැක්ටීරියා හා විෂබීජ නසන සුවිශේෂ ගුණයෙන් යුක්ත විය යුතුය.
  • පැල්ලම් මකා දැමීමේ හැකියාව සමග ඇඳුම අවපැහැ වීමකින් තොරව පිරිසිදු කිරීමේ හැකියාවෙන් සමන්විය යුතුය.
  • කිරිකැටියාගේ ඇඳුම් බබලවන දීප්තිමත් බවින් යුක්ත විය යුතුය.
  • කෘතීම දීප්තිකාරක නොයෙදූ නිෂ්පාදනයක් තෝරාගත යුතුය.
  • කිරිකැටියාගේ ඇඳුමට සුමුදු බවක් එක්කළ හැකි විය යුතුය.

ඉහත කරුණුවලට අනුව තෝරාගත් සේදුම්කාරක යෙදූ පසු එම සේදුකාරක හොඳින් ඉවත්ව යන තුරු පිරිසිදු කරගැනීමට සැලකිලිමත් විය යුතුය. එසේම ඔබ යොදා ගන්නේ සේදුම්කාරක කුඩු වර්ගයක් නම් එය ඇඳුම් දාරවල ඉතිරි විය හැකි නිසා ඒ ගැන අවදානය යොමු කොට හොඳින් පිරිසිදු කරගන්න. ඔබට අවශ්‍ය නම් අවසන් වරට තද උණුසුම් වතුර යොදා යම් වේලාවක් තිබෙන්නට හැර, සෝදා අවුවේ වේලාගත හැකි අතරම තත්ත්වයෙන් උසස් නිෂ්පාදන යටතේ වඩාත් සුදුසු සේදුම්කාරකයක් යොදාගැනීමෙන් සියලු විෂබීජ විනාශව යන නිසා එය අත්‍යවශ්‍ය කරුණක් නොවේ. ඒ වගේම ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ ළදරුවාගේ ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර ඇතුළු කිසිවක් ගල් තලා මත හෝ ගස් අතුවල දමා වේලීම කිසිසේත්ම සුදුසු නොමැති බවයි. හැමවිටම හොඳින් හිරු එළිය සහ වාතාශ‍්‍රය ඇති ස්ථානය රෙදි රඳවනයක අතුරා වියලා ගන්න. සුළඟට ඇඳුම් ගසාගෙන ගියහොත් ඔබට නැවත නැවත පිරිසිදු කිරීමට සිදු විය හැකි නිසා එය වළක්වා ගැනීමට රෙදි කටුවක් (Cloth Peg) ගැසීම ඔබට පහසුවක් වනු ඇත. මේ ආකාරයෙන් හොඳින් සෝදා පිරිසිදුව වියලා ගත් ඇඳුම් ස්ත‍්‍රික්ක කර පාවිච්චියට ගන්න.

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More