මලක් වගේ මුදු චූටි මගේ ඇඳුම් සුමුදු කරන්න අම්මා ළඟ මැජික් එකක් තියෙනවලු

By: - 2019 අගෝස්තු 22
baby


"මම මලක් වගේලු.. හරිම සුමුදුයිලු... ඒ නිසා මගේ හැමදේමත් ඒ වගේම වෙන්න ඕනේ කියලා තමයි අම්මා නම් කියන්නේ.. අම්මට හිතෙන්නෙම මාව තුරුළු කරන් ඉන්නලු..."

පුංචි පැටියෙක් කියන්නේ වළාකුලක් වගේ මුදු මොලොක් වස්තුවක්. හැම අම්මා කෙනෙක්ම මේ වස්තුව රැක ගන්න වෙහෙසෙනවා. ඒ නිසාම උපරිම පෝෂණය ගැන වගේම උපරිම සුවය, පිරිසිදු බව, මුදු සුවඳ තමන්ගේ දරු පැටියට දෙන්නත් අම්මා කෙනෙක් දෙවතාවක් හිතන්නේ නම් නැහැ. පුංචි ඇඳුම්වල නූල් කැබැල්ලක් වුණත් දරු පැටියාගේ සම මතට තද වුණොත් හිටින පුංචි පාරක් වුණත් අම්මා කෙනෙක්ට ලොකු දුකක්. අන්න ඒ නිසයි පුංචි පැටියෙක් වෙනුවෙන් අම්මා කෙනෙක් මේ තරමටම වෙහෙසෙන්නේ.

පුංචි පැටියෙක්ට උපරිම සුව පහසුව අවශ්‍ය සුවය වගේම උපරිම පිරිසිදු බව ලබා දීම වෙනුවෙන් අම්මා කෙනෙක් හැම මොහොතේම කල්පනාකාරී වෙනවා. අන්න ඒ නිසාමයි පැටියා වෙනුවෙන් හොඳම දේ හොඳම විදියට කරන්නේ.

අම්මා කොහොමද පුංචි පැටියට සුව පහසුව, පිරිසිදු බව, මුදු සුවඳ ගෙන එන්නේ

පුංචි දරුවෙකුගේ ඇඟේ කුණු දූවිලි නම් නැහැ. ඒත් දරු පැටියා පිරිසිදුව ඉන්නවා නම් තමයි එයා බොහොම ප්‍රබෝධමත්ව දවස ගත කරන්නේ. ඒ වගේම සුව නින්දක් ලබා ගන්නේ. මෙතැනදී මුල් තැනක් ලැබෙන එක දෙයක් තමයි දරු පැටියාගේ රෙදි පෙරෙදි. පුංචි පැටියෙක් වෙනුවෙන් ඇඳුම් සකසන්න තෝර ගන්නේ මල්පීස් වගේ බොහොම මුදු රෙදි වර්ග. ඒත් පාවිච්චියේදීත් මේ රෙදිවල මුදු බව පවත්වා ගන්න අම්මා කෙනෙක් උනන්දු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පුංචි පැටියට ඔබ දෙන්න බලාපොරොත්තු වෙන සුව පහසුව නොලැබී යන්න පුළුවන්. අන්න ඒ නිසාමයි පැටියාගේ ඇඳුම් පිරිසිදු කරද්දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙන්නේ.

ඇත්තටම කිව්වොත් පුංචි පැටියෙක්ගේ ඇඳුම් පිරිසිදු කිරීම වැඩිහිටි අපේ ඇඳුම් පිරිසිදු කරනවා වගේ සරලව කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. මොකද පැටියාගේ සුව පහසුව වගේම ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ. ආරක්ෂාව කියන්නේ විෂබීජ නිසා ඇති විය හැකි තත්ත්වය ගැනම විතරක් නෙවෙයි. ඇඳුම් ගොරෝසු වීම නිසා සම මත ඇති විය හැකි නොයෙක් අපහසුතා වළක්වා ගැනීමත් ඊට අයත් වෙනවා.

දරු පැටියෙක්ගේ ඇඳුම් පිරිසිදු කරද්දී,

දරුවාගේ නැපි දමන්න බඳුන් දෙකක් තබාගෙන මල සහිත නැපි සහ මුත්‍රා සහිත නැපි වෙන් වෙන්ව දමන්න අමතක කරන්න එපා. නැපි සේදීමේදී මල ඉවත් කළ නැපි මෙන්ම මුත්‍රා සහිත නැපිත් පිරිසිදු වතුරේ ගිල්වා එක වරක් සෝදා ගැනීම වඩාත් සුදුසුයි. ඉන්පසුව ළදරු සමට ගැලපෙන සේදුම්කාරක ද්‍රාවණයක් යොදා නැපි පිරිසිදු කරගැනීම අත්‍යවශ්‍යයි.

ළදරු සමට ගැලපෙනම සේදුම්කාරක ද්‍රාවණයක් තෝරාගන්නේ කොහොමද?

කිරි කැටියාගේ නැපි රෙදි පෙරෙදි පිරිසිදු කිරීමට ඔබ තෝරා ගත යුත්තේ දරුවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද වගකීමක් සහිත වෙළඳ නාමයක් යටතේ වෙළඳ පොලට එන විශ්වසනීය නිෂ්පාදනයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඔබේ තේරීම බේබි ෂෙරමි සේදුම්කාරක දියරය නම් ඒ සමගින් ඔබේ පැටියාට හිමි වන අත්දැකීම වඩාත් සුමුදු බව අමතක කරන්න නම් එපා.

ඔබේ කිරි කැටියාගේ සුමුදු සම පිළිබඳව උපරිම අවධානය යොමු කරමින් නිපදවා ඇති Baby Cheramy සේදුම්කාරක දියරය සිඟිති සම මත නොයෙක් අපහසුතා ඇති කරවිය හැකි බැක්ටීරියා හා විෂබීජ නසන සුවිශේෂ ගුණයෙන් යුක්ත වන අතරම කිරිකැටියාගේ ඇඳුම් තුවා ඇතුළු සියලු දේ දීප්තිමත් බවින් බබලවන්නට සමත් වේ. එසේම පැල්ලම් මකා දමමින් නැවුම් සුවඳක් එක්කර අවපැහැ වීම වළකයි. විෂබීජ ඉවත් කරමින් කිරි කැටියගේ ඇඳුම් හොදින් පිරිසිඳු කරන Baby Cheramy සේදුම්කාරක දියරය ඔබේ කිරිකැටියා සුමුදු බවේ සුව පහසුව සමගින් සනසවයි. මලක් වගේ මුදු චූටි පැටියාගේ රෙදිපිළි සුමුදු කරන්න අම්මා ළඟ තියෙන මැජික් එක Baby Cheramy සේදුම්කාරක දියරය කියලා දැන් ඔබත් දන්නවා නේද?

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More