දරුවන් රාත‍්‍රී නින්දෙන් ඇඳ තෙමන්නේ ඇයි ?

By: - 2019 මැයි 10
baby


දරුවන් රාත‍්‍රියේ ඇඳ තෙමීම සාමාන්‍ය සංසිද්ධියකි. අවුරුදු 7 ට පහළ දරුවන්ගේ මෙම තත්ත්වය එතරම් සැලකිය යුතු නැත. බොහෝ දරුවන් අවුරුද්ද වන විට වැසිකිළි භාවිතය පිළිබඳව පුරුදු සම්පූර්ණ කරයි. දරුවෙකුගේ මුත‍්‍රා පිට කිරීම පාලනය සඳහා නියමිත දින වකවානු නොමැත. නමුත් අවුරුදු 5 - 7 දක්වා දරුවෙකු ඇඳ තෙමන්නේ නම් එය ගැටලුවකි. දරුවන්ගෙන් 15% පමණ අවුරුදු 5 දීත් ඇඳ තෙමයි. ගැහැනු දරුවන් මෙන් දෙගුණයක ප‍්‍රමාණයක් පිරිමි ළමුන් ඇඳ තෙමීම සිදුකරයි. ඇඳ තෙමීම, ආකාර දෙකක් යටතේ සාකච්ජා කළ හැකිය. එනම්,

  1. ප්‍රාථමික ඇඳ තෙමීම - Primary Bed Wetting
  2. ද්වියිතික ඇඳ තෙමීම - Secondary Bed Wetting
ප‍්‍රාථමික ඇඳ තෙමීම
  • මුත්‍රා රඳවා ගෙන සිටීමට නොහැකි වීම.
  • මුත‍්‍රාශ‍්‍රය පිරුණු විටදී අවදි නොවීම.
  • සවස හා රාත‍්‍රී කාලයේ විශාල ලෙස මුත‍්‍රා පිටවීම.
  • දහවල් කාලයේ වැසිකිළි භාවිතය (මුත‍්‍රා පිට කිරීම) දුර්වල වීම.
  • බොහෝ ළමුන් පුරුද්දක් ලෙස මුත‍්‍රා කිරීමේ අවශ්‍යතාවය තිබුණද එය නොසලකා හැරීම.
ද්වීතියික ඇඳ තෙමීම

දරුවා ඇඳ තෙමීම නවත්වා මාස 6 ක් පමණ ගත වූ පසු නැවත ඇඳ තෙමන්නේ නම් එය මෙලෙස හඳුන්වයි. මේ සඳහා පහත තත්ත්වයන් හේතු විය හැකිය.

දරුවෙකුට නින්දේදී මුත්‍රා පිටවීමට බලපෑ හැකි හේතු
  • මුත‍්‍රාශ‍්‍රය කුඩා වීම
    • දරුවාගේ මුත‍්‍රාශ‍්‍රය මුත‍්‍රා රඳවාගෙන තබා ගැනීමට තරම් වර්ධනය නොවීමයි.

  • මුත‍්‍රා පිරුණු බව හඳුනාගැනීමට දරුවාට අපහසු වීම
    • මුත‍්‍රාශ‍්‍රය පාලනය කරන ස්නායු මේරීම සිදුවන්නේ සෙමිනි. මේ නිසා මුත‍්‍රාශ‍්‍රය සම්පූර්ණයෙන් පිරුණද හඳුනා නොගනී. ගැඹුරු නින්දේදී මුත‍්‍රා පිටවේ.

  • හෝමෝන අසමතුලිතභාවය
    • ප‍්‍රතිමුතල්‍ය හෝමෝනය (Anti Diuretic Hormone) ඇතැම් දරුවන්ගේ මෙම හෝමෝනය ප‍්‍රමාණවත් ලෙස ශ‍්‍රාවය නොවීම.

  • නින්දේදී
    • ඉතා ගැඹුරු නින්දකට පත් වූ විට මුත‍්‍රා පිටවීම විය හැක.

  • ආරය
    • දරුවාගේ මව, පියා, ආච්චි, සීයා කුඩා කළ ඇඳ තෙමීම කළේ නම් දරුවාට ද එම තත්ත්වය ඇති විය හැක.

  • ව්‍යුහයන්ගේ ඇති වන අසාමාන්‍යතා
    • අවයවයක, පේශියක හෝ ස්නායුවක අසාමාන්‍යතාවයක් ඇති වුවහොත් මුත‍්‍රා අසංයමය (නොදැනී මුත‍්‍රා පිටවීම) හෝ වෙනත් මුත‍්‍රා පිට කිරීමේ ගැටලු ඇති වේ.

  • ස්නායුමය හේතූ
    • ස්නායු පද්ධතියේ අසාමාන්‍යතාවය, ස්නායුවලට අනතුරක් හෝ ස්නායු රෝගයක් ඇති වූ විට මුත‍්‍රා පිට කිරීමේ ගැටලු ඇති වේ.

  • මුත‍්‍රා ආසාධන
    • මුත‍්‍රා ආසාධනවලදී මුත්‍රා පිටවීමේ වාර ගණන වැඩි වන නිසා එවිටද ඇඳ තෙමීම විය හැක.

  • මධු මේහය
    • දියවැඩියාවේදී රුධිරයේ පවතින සීනි මට්ටම ඉහළය. ශරීරය මගින් මුත‍්‍රා පිටවීම වැඩි කර සීනි මට්ටම පාලනයට උත්සහ කරයි. මේ නිසා නිතර මුත‍්‍රා පිටවීම සාමාන්‍ය සිද්ධියකි.

  • මානසික ගැටලු
    • ආතතිය සහිත ජීවිතය, දෙමාපියන් අතර නිතර ගැටුම් ඇති වීම, අලුත් පාසැලකට යාම, පවුලට අලුත් දරුවෙකු එක්වීම, නව නිවසකට යාම වගේම ඇතැම් විට දරුවෝ ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයට ලක් වූ විටද නිතර ඇඳ තෙමීම සිදු කරයි.

  • මල බද්ධය
    • මල මගින් මුත‍්‍රාශ‍්‍රය තදවීම නිසා නිතර මුත‍්‍රා පිටවීම ඇති විය හැක.
ඇඳ තෙමන දරුවෙකු වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුත්තේ
  • නිතර ගෙරවීම, මුත‍්‍රා දැවිල්ල ඇත්නම්
  • අවුරුදු 7ට වැඩි වූ විටද ඇ`ද තෙමයි නම්
  • මාස 6 ක් පමණ ඇ`ද තෙමීම නොකර නැවත ඇ`ද තෙමීමට පටන් ගත්තේ නම්
  • පාදය, වළලුකර ඉදිමී ඇත්නම්
ඇඳ තෙමීම වැළැක්වීමට නම්
  • ඇඳට යාමට පෙර (නින්දට පෙර) ගන්නා පානයන් අඩු කිරීම හා කෝපි අඩංගු පාන නොගැනීම
  • නින්දට යාමට පෙර මුත‍්‍රා කිරීමට උපදෙස් දීම. ( සමහර දරුවන් මුත‍්‍රාශ‍්‍රය සම්පුර්ණයෙන් හිස් නොකරයි.)
  • දරුවාගේ කාමරයෙන් රූපවාහිනිය, පරිගණකය ඈත් කිරීම. එවිට දරුවා හො`ද නින්දකට පත්වේ.
  • ඇඳ තෙමීම වැනි තත්ත්ව ඇති වුවහොත් ද`ඩුවම් නොකිරීම. එසේ කළහොත් ආත්ම ගෞරවයට හානි සිදු වේ.
  • දෙමාපියන් නින්දට යන විට දරුවා අවදි කර මුත‍්‍රා කරවීම.
  • දරුවා ඇඳ තෙමීමෙන් වැළකීමට පියවර ගැනීම. මේ ස`දහා දරුවා පෙළඹවීමට දරුවා කැමති දෙයක් ලබාදීම.

ඉහත ක‍්‍රම අනුගමනය කිරීමෙන් දරුවා යම් ප‍්‍රමාණයකින් මේ ස`දහා පොළඹවා ගැනීමට හැකි වනු ඇත.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More