උණ කියන්නේ ලෙඩක් නෙවෙයි……. එහෙනම් මොකක්ද?

By: - 2019 මැයි 9
baby


දරුවෙකුට උණක් හැදෙනවා කියන්නේ මුළු ගෙදරම වාතාවරණය කන පිට හැරෙන්න තරම් ලොකු හේතුවක්. ඒත් උණ කියන්නේ ලෙඩක් නෙවෙයි. අපේ ඇඟේ තියෙන ලෙඩක් ගැන අපිට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විතරයි.

කෙටියෙන්ම උණ ගැන කිව්වොත් උණ කියන්නේ ශරීර උෂ්ණත්වය සමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි වීම. මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය 370C හෝ 98.60F යි. ශරීර උෂ්ණත්වය වැඩිවීම එහෙම නැත්නම් උණ රෝගයක් නොව රෝග ලක්‍ෂණයක්. මෙය බොහෝ විට ආසාධනවලදී ශරීරය තුළින් ඇති කරවනු ලබන ස්වභාවික ප්‍රතිචාරයක්. ශරීරයේ ආරක්‍ෂාව සඳහා ඇතිවන මෙම දැනුම් දීම මගින් පුද්ගලයා ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට යොමු වෙනවා. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය වැඩි වීමකදී නිවසේදී ප්‍රතිකාර කළ හැකි නමුත් උෂ්. 1020F වඩා වැඩි වූ විට ඒ සඳහා හේතුව සෙවිය යුතුයි.

මිනිසාගේ ශරීර උෂ්ණත්වය වෙනස් වීම සඳහා ආහාර ගැනීම, ව්‍යායාම, නින්ද, දවසේ වේලාව බලපායි. ශරීර උෂ්ණත්වය වැඩිම වේලාව සවස 6.00 වන අතර අඩුම උෂ්ණත්වය පවතින්නේ පාන්දර 3.00 ට වේ. ශරීර උෂ්ණත්වය වැඩි වීම යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආසාධන පලවා හැරීම සඳහා ගන්නා එක් ක්‍රියාමාර්ගයකි. වැඩිවන උෂ්ණත්වය ආසාධන සුව කිරීම සඳහා උපකාරී වේ. අධික ලෙස උෂ්ණත්වය වැඩි වූ විට ආක්ෂේප (Fits)වැනි සංකූලතා වුවද ඇති වීමටද හැක.

උණ ඇති විට දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ

සීතල දැනීම, වෙව්ලීම, ආහාර අරුචිය, විජලනය, මානසික අවපීඩනය, වේදානව, සංවේදීතාව වැඩි වීම, ඈලි මෑලි ගතිය, නින්ද නොයාම, දහදිය දැමීම, පේශී වේදනාව.

උණ ඇති වීමට හේතූ
  • වෛරස්/බැක්ටීරියා ආසාධන
  • ප්‍රදාහිත තත්ත්ව
    • උදා: සන්ධි රෝග (Rheumatoid Arthritis)
  • පිළිකා අර්බුද (Malignant tambour)
  • Silicosis (දීර්ඝ කාලීනව Silica දූවිල්ලට නිරාවරණය වීමෙන් පෙනහලුවල ඇති වන රෝගයකි)
  • කන, පෙනහලු, සම, උගුර, මුත්‍රාශ්‍රය ආදී අවයව තුළ ඇතිවන ආසාධන
  • සමහර ඖෂධ
    • උදා: ප්‍රතිජීවක, අධි රුධිර පීඩනය සඳහා භාවිත වන ඖෂධ, ආක්ෂේප සඳහා භාවිත වන ඖෂධ
  • සමහර ප්‍රතිශක්තීකරණ එන්නත්
    • උදා: ගලපටල, පිටගැස්ම සඳහා භාවිත වන එන්නත, නියුමෝනියාව සඳහා භාවිත වන එන්නත
  • ස්වයං සාධක ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග (Auto immune disease)
    • උදා: SLE (systemic Lupus, Erythrmatosis)" ප්‍රදාහිත, අන්තක රෝග (inflammatory bowel disease)
  • හෝමෝන ආශ්‍රිත රෝග
    • උදා: අති පරාභතාවය (Hyperthyroidism)
  • නීති විරෝධී ඖෂධ මගින්
    • උදා: Amphetamine, cocaine
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය D.M.I දිසානායක

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More